Colombo Today Local News

අතයට ගණුදෙනු : ටැබ්, සුරක්ෂා තාවකාලිකව අත්හිටුවයි !

උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම  සහ පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  කැබිනට්  මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

මෙයට අමතරව රාජ්‍ය දේපල අවභාවිතය, රාජ්‍ය බලය උපයෝගී  කරගනිමින්  ආදායම් ඉපයීම, වංචා, දුෂණ, අක්‍රමිකතා සිදුකළ දේශපාලඥයන් මෙන්ම ඊට සම්බන්ධ සියලුම පාර්ශ්ව වලින් පලිගැනීමේ චේතනාවෙන් තොරව අධිකරණ ක්‍රියාමාර්ග තුළින් අවශ්‍ය උපරීම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

Admin

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

කොරෝනා අරමුදලට දළදා මාලිගයෙන්,අස්ගිරිය සහ මල්වත්තෙන් රුපියල් කෝටි දෙකක්

colombotoday

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි – සේවකයන් 360කට කොවිඩ්

colombotoday

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday