Colombo Today Local News

අඩම්පන් ප්‍රදේශයේ ළිඳක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ ළිඳක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගෙන ඇත.

පොලිසිය පැවසූවේ නාවික හමුදා නිලධාරීන් හා පොලීසිය වෙත ලද තොරතුරක් මත ප්‍රදේශයේ ළිඳක තිබි අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩගත් බවයි.

ළිඳ තුළ තිබි පුද්ගල නාශක බිම් බෝම්බ 29ක් හා මිලි මීටර 61 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් දෙකක් ද සොයාගෙන ඇත.

පොලිසිය පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත අදාළ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් භාරදුන් බවයි.

අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම්

colombotoday

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

colombotoday

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

Admin

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

colombotoday