Colombo Today Local News

අටළුගම ෆාතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් 10ක් බන්ධනාගාර ගත කෙරේ

සිංහල ජාතික පුරුෂයෙකු සමග විවාහ වීම හේතුවෙන්, ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ “අබ්දුල් හසන් ෆාතුමා හයිෆා” නැමති කාන්තාව විසින් බණ්ඩාරගම පොලිසියට සිදු කළ පැමිණිලි මත පානදුර අධිකරණයේ විභාගවන B 64499/19 දරණ නඩුව අද(2) දින යලි කැඳවීය.

ඊයේ(1) තවත් සැකකරුවන් දස දෙනෙකු පමණ මිරිහාන විශේෂ අපරාධ ඒකකයට බාර වීමෙන් පසුව අද(2) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මෙම නඩුවට අදාලව තවත් සැකකරුවන් 4 දෙනෙකු අධිකරණය මග හරිමින් සිටියි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස සහ නීතිඥ සංජය මාරබේ පෙනී සිටින ලදි.

මෙම නඩුවට අදාලව මීට ඉහතදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනෙකුත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලා යාම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව එම අවස්ථාවේදී බණ්ඩාරගම පොලීසිය අධිකරණයට දැන්වීය. කෙසේවෙතත් බණ්ඩාරගම පොලිසිය විසින් සිදුකරන පරීක්ෂණවල අපක්ෂපාතිත්වය පිළිබඳව මතුවූ ගැටළු හේතුවෙන් මෙම අපරාධයේ පරීක්ෂණ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට මාරු කර යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.

Related posts

මිනී කන කිඹුල්ලූ. මිනිස්සු උස්සන සුදු වෑන්. හතර අතේ ඇප ඉල්ලන දොස්තර රාජිතගේ වැඩ මෙන්න.

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

colombotoday

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

අද,හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday