Colombo Today Local News

අගරදගුරුතුමන්ට කොමාන්ඩෝ ආරක්ෂාව…

උද්ගත වී ඇති ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගෙන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට කොමාන්ඩෝ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.  

මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යුද හමුදාපති ඇතුළු යුද හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙතුන් දෙනෙකුට හැර ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයීම කොමාන්ඩෝ රෙජිමේන්තුවෙන් ඉවත් කර විශේෂ කාර්ය බළකායට පවරා තිබුණි.

ගිය ඉරිදාවේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන අගරදගුරුතුමා හා හිටපු ජනපතිවරුන්ටද කොමාන්ඩෝ ආරක්ෂාව දීමට තීරණය කර ඇත. ඊට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල ඇඳුම ඇඳ උත්සවයට යන අවස්ථාවලදී පමණක් ඔහුට කොමාන්ඩෝ ආරක්ෂාව හිමිව තිබේ.

Related posts

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

මහරජ ගැමුණු කැනඩා පනින්න තමාටම වෙඩි තබාගෙන

Admin

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

colombotoday

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

colombotoday