ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් අයත් බව පැවසෙන අක්කර 15කින් යුත් පුහුණු කඳවුරක් කාන්තන්කුඩි, ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. 2017 වසරේ සිට කඳවුර පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තාවෙන අතර මෙම ස්ථානයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් මොහොමඩ් සහරාන්ගේ සොහොයුරෙක් බව පැවසෙන රිල්වාන් නැමැත්තාගේ අතකට හානි සිදුවූ බවද සඳහන්…
මෙම කඳවුර පවත්වාගෙන යාම සඳහා ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන්ගේ සහය අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඇති බවට ප්‍රදේශයේ ජීවත්වෙන ද්‍රවිඩ ජනතාව සැක පල කර සිටිනවා.