ශ්‍රී ලංකාවේ පලාගොස් වෙනත් නමකින් ඉන්දියාවේ වාසය කළ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා කොයිම්බතූර්හිදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව, කොයිම්බතූර් CID ය උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍යවාර්තා කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් මෙම වාර්තාව කර තිබෙනවා.
අදාළ වාර්තාවෙන්, විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.