Colombo Today Local News

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත.

ඒ අනුව එම හෝටලය වසා දමා එහි ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.

කුරුණෑගල රාජධානියේ ආරම්භකයා ලෙස සැලකෙන දෙවැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේදී මෙම ගොඩනැගිල්ල ඉදි කරන්නට ඇති බවට සැලකෙන අතර ඉන් පසුව ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් කුරුණෑගල රාජ මාලිගා පරිශ්‍රය ආශ්‍රිතවම දළදා වහන්සේ වැඩ හිඳුවීමට දළදා මාලිගයක් ඉදි කළ අතර අද එම දළදා මාලිගයේ නෂ්ඨාවශේෂ නටඹුන් අතරින් දක්නට ලැබෙන්නේ ගල් උළුවස්සක කොටසක් පමණි.

කුරුණෑගල නගරය ආවරණය වන පරිදි විශාල කොටසක කුරුණෑගල රාජධානියේ විවිධ කොටස් පැතිර තිබුණද එහි අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස දක්නට ලැබෙන්නේ මෙම රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල පමණි.

දැවයෙන් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල විටින් විට සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් අද වනවිටද මනා තත්ත්වයෙන් පැවතීමද විශේෂත්වයකි.

කුරුණෑගල මහා නගර සභාවට අයත් මෙම ඵෙතිහාසික ගොඩනැගිල්ල මත්පැන් අලෙවිසලක් සහිත හෝටලයකට බදු දී තිබීම පිළිබඳව ජනතාවගෙන් කොපමණ විරෝධතා එල්ල වුවද එම ගොඩනැගිල්ල බද්දෙන් ඉවත් කර පවරා ගැනීමට මෙතෙක් සිටි නගරාධිපතිවරුන් පියවර ගෙන නොතිබීමද විශේෂ කරුණකි. මේ පිළිබඳව මාධ්‍ය මගින්ද අවස්ථා ගණනාවකදීම කරුණු හෙළි කළද ඊට නිසි ප්‍රතිචාරයක් හිමි නොවීය

Related posts

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

හෙළ රජ සමයෙන් පසු ප්‍රථමවරට සිදු කෙරෙන සැටදහසක් චීවර පුජා කිරීමේ “සන්ඝානුභාවේන” ජාතියේ චීවර පුජාව !

colombotoday

දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්ත

colombotoday

මහින්ද නැවතත් සටන් බිමට… සන්ධාන ආණ්ඩුවකින් සියල්ල කණපිට හරවන්න සූදානම් වෙයි (VIDEO)

colombotoday