
දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ(26) දිනයේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් කටයුතු කළ බවයි.
ඒ අනුව එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරියේදී සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.