Colombo Today Local News

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී ඇති කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීධුරය පිරවීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරියා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් එජනිස පරාජිත ලැයිස්තුවේ ඉහළින්ම සිටි ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටි අතර දිසානායක මහතාගේ අභාවයෙන් පසුව එම පුරප්පාඩුවට පත්වීමට හෙතෙම ජාතික ලයිස්තුවෙන් ඉල්ලා අස්විය.

එමෙන්ම සාලින්ද දිසානායක මහතාගේ මරණය සිදුවන විට ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි නිසා පුරප්පාඩුව හිමි විය යුත්තේ තමාට බව පරාජිත ලැයිස්තුවේ 12 වැනි ස්ථානයට මනාප ලබා සිටි හිටපු පළාත් ඇමැති ආර්. එම්. ඞී. බී. හේරත් මහතා සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තමාට අලූත් අත්දැකීමක් බැවින් එය විසඳීමට නීතිමය උපදෙස් අවශ්‍ය බව කුරුණෑගල තේරීම්කාරක නිලධාරිවරයා ඉල්ලීමක් කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් (පාර්ලිමේන්තු මැතිවරණ) රසික පීරිස් මහතා පැවසීය.

මේ අනුව ඉදිරියේදී මැතිවරණ කොමිසම මගින් අවශ්‍ය නීති උපදෙස් ලබා දීමට කටයුතු කරන බවද රසික පීරිස් මහතා කියා සිටියේය.

Related posts

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

2025දී ආර්ථිකය සුබ අතට

Admin

ඇමතිලාට නිල නිවාස නෑ

Admin

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

colombotoday

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday