Colombo Today Local News

හමුදා ‘කැමා‘ ඇන්දොත්, වික්කොත් මාස හයක් හිරේ.

ත්‍රිවිධ හමුදාව භාවිතා කරන නිල ඇදුමට සමාන ලෙස නිපදවන සහ විකුණන ඇදුම් සාමාන්‍ය ජනතාව භාවිතා කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව පවසයි.

හමුදා පනතට අනුව හමුදාව භාවිතා කරන නිල ඇදුමට සමාන ඇදුම් භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස හයක සිර දඩුවමක් නියම කළ හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා කියා සිටී.

හමුදා නිල ඇදුම් රෙගුලාසි යටතේ හමුදා නිල ඇදුම් හෝ නිල ඇදුමට සමාන ඇදුම් භාවිතා කිරීමට නීතිමය බාධා පවතින බව පවසන හෙතෙම විශේෂයෙන් රට තුළ විවිධ අවස්ථාවලදී පාතාල කල්ලි සම්බන්ධයෙන් සිදු කළ වැටලීම්වලදී හමුදා ඇුදුමට සමාන ඇදුම් විශාල වශයෙන් හමු වී ඇති නිසා මෙවැනි නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද කියා සිටී.

යුද හමුදා ‘කැමා‘ ඇදුම විලාසිතාවක් ලෙස භාවිතා කිරීමට එරෙහිව පසුගිය දිනවලදී සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධයක් මතුවිණි. බොහෝ පිරිස් අදහස් දක්වා තිබුණේ හමුදා නිළ ඇදුම් එලෙස සිවිල් පුද්ගලයන් භාවිතා කිරීම හමුදාවේ ගෞරවයට මෙන්ම ජාතික ආරක්ෂාවටද ප්‍රශ්නයක් වන බවයි.

Related posts

“තමුසෙලා ඔක්කොටම වැරදිලා.. වත්තල මංතීරුව කඩුපු අයට රජයෙන් තෑගි දෙන්න ඕන”- ජෝන් ඇමති

colombotoday

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday

විපක්ෂයේ සිටියදී දූෂිතයි කී සමාගම් ආණ්ඩුවට අද හොඳ සමාගම් වෙලා

Admin

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday

රාජකීය විදුහලේ සිසුවා රෝහලේ සිටිද්දී පහරදුන් සජිත් කුලරත්නට ක්‍ෂණික ඇප

colombotoday

මම ආර්ථික අර්බුදය ස්වේච්ඡා පදනමින් ලිහා දෙන්නම් – බන්දුල ගුණවර්ධන

colombotoday