Colombo Today Local News

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද (28දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියම කළේය.

ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුළ පදිංචි බවට තහවුරු කෙරෙන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඔවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බව තහවුරු කෙරෙන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

Related posts

ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday

මත්කුඩුවලට ඇබ්බඅහිවූවන් පුනරුත්ථාපන කරන මුවාවෙන් හෙරොයින් විකුණලා

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday