Colombo Today Local News

සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු තානාපති සේවයට – ගයන්ත කරුණාතිලක

විදේශ සේවයට අදාළ සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු පසුගිය වසර නවයේදී තානාපති සේවයට අනුයුක්‌ත කර ඇතැයි ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12 වැනිදා) ප්‍රකාශ කළේය. 
 

2010 වසරේ සිට මේ දක්‌වා තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් ලෙස පත් කරන ලද අය අතරින් විදේශ සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් නොමැති නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කරුණාතිලක මහතා එසේ කීවේය.
 
එම අය අතරින් ඇමෙරිකාවේ තානාපති ලෙස පත්කර ඇති ජාලිය වික්‍රමසූරිය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ලෙස පත්කර ඇති අමරි විඡේවර්ධන මහත්මියගේ අධ්‍යාපන සුදුසුකම් වන්නේ අපොස උසස්‌ පෙළ සමත් වීම පමණක්‌ බව ද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
 
විදේශ සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ නොකර එම තානාපති සේවයට අනුයුක්‌ත කළ අනෙක්‌ නිලධාරීන් ලෙස මහා බ්‍රිතාන්‍ය – චන්ද්‍ර නිහාල් ජයසිංහ, වෛද්‍ය ක්‍රිෂාන්ත නෝනිස්‌, ඔස්‌ටේ්‍රලියා – සේනක වල්ගම්පාය, අද්මිරාල් තිසර සුගීස්‌වර සමරසිංහ, එස්‌. ස්‌කන්ධකුමාර්, ජපානය – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, මහාචාර්ය ධම්මික ගංගානාත්, ප්‍රංශය – දයාන් ජයතිලක, කරුණාරත්න නාගහවත්ත, තිලක්‌ රණවිරාජා, බුද්ධි කේ. ආතාවුද, චීනය – කරුණාසේන කොඩිතුවක්‌කූ, ඉන්දියාව මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ස්‌විස්‌ටර්ලන්තයට තමරා කනගනායගම් යන අය වන බවද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
 
නලින්ද ජයතිස්‌ස මහතා – මේ අය අතුරින් ජාලිය වික්‍රමසූරිය සහ 2010 වසරට පෙර තානාපති සේවයේ සිටි උදයංග වීරතුංග යන අයට වරෙන්තු පවා නිකුත් කර තිබෙනවා. සහරාන්ලාත් රටට විශාල විපතක්‌ කළේ වරෙන්තු පිට ඉඳලා තමයි.
 
මේ ආණ්‌ඩුවත් ගිය ආණ්‌ඩුව වගේ තානාපති සේවයට තමන්ගේ හෙංචයියලා පත් කිරීමට කටයතු කර තිබෙනවා. විශේෂයෙන් දෙවැනි තුන්වැනි පෙළේ රටවල්වලට විදේශ සේවයේ පළපුරුද්ද සහ සුදුසුකම් තිබෙන නිලධාරීන් එම තනතුරුවලට පත් කරද්දී ප්‍රබල රටවල්වලට තමාගේ හිතමිත්‍රයින් පත් කරනවා. ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් පවා නැහැ.
 
ගයන්ත කරුණාතිලක මහතා – තානාපති සේවයට අදාළ සුදුසුකම් නැති වුණාට ඒ අයට වෙනත් සුදුසුකම් තිබෙනවා. 
 
නලින්ද ජයතිස්‌ස මහතා( ඔව් උදාහරණයක්‌ ලෙස සේනක වල්ගම්පාය, නීතිවේදී උපාධිය, එස්‌. ස්‌කන්ධකුමාර් විද්‍යාවේදී උපාධිය. මේ උපාධි ඔවුන්ගේ වෙනත් විෂයන්වලට අදාළ වුණට තානාපති සේවයට අදාළ වෙන්නෙ නැහැ. එකයි අපි කියන්නේ.

Related posts

දෙහිවල කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නිවසින් කඩු තොගයක් සොයා ගනී….

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin

කුරුවිටින් ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් සොයා ගනී

colombotoday

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday