Colombo Today Local News

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත.

නිවේදනයක් නිකුත් කරමන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවල සිටින බවට පළ වු මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයාබලන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී ඇත.

වයස අවුරුදු 5ට අඩු මෙම දරුවන් 46 දෙනා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මව්වරුන් භාරයේ අධිකරණ නියෝග මත රඳවා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට අදාළ තොරතුරු රැස් කරමින් සිටින බවය.

දරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය නෛතික පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday

අකිලට වැඩ බලන්න දී අගමැති රට යයි.. සජිත්, රවී ඉවතට විසි වෙයි !!

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

colombotoday

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

colombotoday

නිල නිවාසවල ජල බිල්පත් මාස 2කින් නොගෙව්වොත් සැපයුම් අත්හිටුවන් කතානායක දැනුම් දෙයි

colombotoday

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

colombotoday