Colombo Today Local News

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිළධාරීන් 13 දෙනෙකු සැප්තැම්බර් මස 22 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14)දින නියෝග කළා.

ඒ අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියේ මෙම නඩුවේ 14 වන සැකකරු වන උදාර සම්පත් නැමැත්තා සැකකාර නිළධාරීන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඔහු මේ වන විට විදේශ ගතව ඇති බවත් දුරකථන සිම් කාඩ් පත් 50කට අධික ප්‍රමාණයක් තබා ගෙන මෙම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

රටේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන ලදි.

Related posts

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

කොවිඩ් මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනියි. අපි නඩුමගට යනවා. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

colombotoday

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

මාතර ප්‍රසිද්ධ පාසලකට දරුවන් ඇතුලත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මහ රාත්‍රියේ තියයි.

colombotoday