World

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 මරණ 2,696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු රෝගීන් 39,673ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ගෙවීගිය පැය 24 තුළ මරණ 514 (23.6%ක වැඩිවීමකි) සහ ආසාදිතයන් 6,584 (19.9%ක වැඩිවීමකි) වාර්තා වූ බවද ඔවුන් සඳහන් කරයි.

සඳුදා වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 33,089ක් වූ අතර, මරණ 2,182කි.

මේ වනවිට ලෝකයේ මෙතෙක් වැඩිම මරණ වාර්තා වන ඉතාලියට පසුව තෙවැනි තැන ස්පාඤ්ඤයට හිමිව ඇති අතර, එරට තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දැඩි පරිශ්‍රමයක් ගනියි.

මේ අතර සඳුදා මැඩ්රිඩ් නගරයේ රජයේ අවමංගල සේවය නිවේදනය කළේ කොරෝනා වෛරසයෙන් මිය යන අයගේ සිරුරු භූමදාන කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂිත ආවරණ නොමැති බැවින් ඒවා එකතු කිරීම නවත්වන බවයි.

ඒ අනුව කොවිඩ් -19 ආසාදිතව මියගිය අයගේ සිරුරු දැන් මැඩ්රිඩ් හි තාවකාලික මෘත ශරීරාගාරයක් ලෙස භාවිතා කරන අයිස් ගබඩාවක තැන්පත් කරයි.

කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ස්පාඤ්ඤයේ හදිසි නීතිය තවත් දින 15 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අගමැති පේද්‍රෝ සැන්චෙස් ඉරිදා ප්‍රකාශ කළේය.

Related posts

කීර්ති නාමයට හානි වූ හිටපු අගමැතිවරයෙක් බිලියන 10 වන්දියක් ඉල්ලයි

Admin

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

ජාතික ආරක්ෂාව‍ට ඇගිලි ගහන්න ඇවිත්… මානව හිමිකම් සුද්දෙක් චීනයෙන් පන්නයි!

colombotoday

අවුන් සාන් සුකීගේ ජාතික ලීගයේ මූලස්ථානය හමුදාව විනාශ කරයි

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday