Colombo Today Local News

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලිය විසින් නුවරඑළිය බ්ලැක්පූල් ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය පුහුණුවීම් කදවුරක් ආරක්ෂක අංශ විසින් අද (06) වටලනු ලැබුවා.

අම්පාරේ සයින්දමරුදුහි දී අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ තුළ 38 දෙනෙකු පුහුණුව ලැබූ බවත්, ඊට සහරාන් හෂීම් ද සහභාගී වී ඇති බවත් 21 ඉරිදා ප්‍රහාරයට පෙර අවසන් වතාවට අප්‍රේල් 17 වනදා සහරාන්ගේද සහභාගීත්වයෙන් අවසන් පුහුණුවීම මෙහෙදී සිදුකර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

නුවරඑළිය බ්ලැක්පූල් හි ප්‍රධාන පාසලක් ඉදිරිපිට කූලි පදනම මත මෙම නිවස ලබාගෙන ඇති අතර, එම නිවසේ අයිතිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

අවලාද මැදින් ආණ්ඩුව ඉස්සරහට ආවේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

colombotoday

හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් පොලීසියෙන් වසාදමයි

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday