Colombo Today Local News

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

ජාතීන් අතර සහජීවනයට බාධා වන පරිදි සහ සාමය කඩවන පරිදි ක්‍රියා කරන්නන් මැඩලීම සඳහා පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය විසින් ජ්‍යෙස්ඨ පොලිස් නිළධාරීන් වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහා ජංගම පොලිස් සේවා, යතුරුපැදි හා පාපැදි මුර සංචාර ඇතුළු අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එම නියෝගයේ සඳහන් වන්නේ.

සහජීවනයට සහ සාමයට බාධා එල්ල වන පරිදි සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කරන ලෙසත් ඒ සඳහා අදාල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා සෘජුවම සම්බන්ධ වියයුතු බවත් අදාල නියෝගයේ සඳහන් වේ.

එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිස් මූලස්ථානය ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

දමිළ භාෂාවෙන් ප්‍රදර්ශනය කර තිබූ මාර්ග නාම පුවරුවක් ගලවා දැමීම සම්බන්ධයෙන් පසුගියදා පානදුර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පානදුර දකුණ පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් දියත් කර තිබෙනවා.

මෙවැනි සිද්ධීන් පිලිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී තිබෙන්නේ.

Related posts

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

“මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක බුදු පිළිම තැබීම යහපාලනයට පටහැනියි.. ඉවත් කරනු!“ – මහඇමති නසීර් සැර වෙයි

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

colombotoday

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

Admin