Colombo Today Local News

“ශ්‍රී පාදය“ නම සිංහලෙන් තිබීම සංහිදියාවට බාදාවක්… පැරණි නාම පුවරුවම සවි කරන්න සංහිදියා ඇමති නියෝග කරයි

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය සඳහා පැරණි නාමපුවරුවම සවි කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

වත්මන් නාමපුවරුවේ ශ්‍රී පාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, එයම දෙමළ හා ඉංගී්‍රසි භාෂාවලින්ද සඳහන් කර තිබෙන බව  සඳහන් කළ මනෝ ගනේෂන් අමාත්‍යවරයා, වත්මන් නාමපුවරුව මඟින් ජාතික සංහිඳියාවට යම් බලපෑමක් සිදුවන බව පෙන්වා දුන්නේය.

පැරැණි නාම පුවරුවේ ශ්‍රීපාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, සිවනොලි පාදෙයි ලෙස දෙමළ භාෂාවෙන්ද ඇඩම්ස් පීක් ලෙස ඉංගී්‍රසි භාෂාවෙන්ද ලියා තිබුණු බවත්, එමඟින් ජාතීන් අතර මහත් සංහිඳියාවක් ඇතිවීමට එම මාවත ඉවහල්ව තිබූ බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

ඒ අනුව නව නාමපුවරුව තිබෙන අතරම පැරණි නාම පුවරුවද ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගයේ සවි කිරීමට පියවර ගන්නා ලෙස තමන් බලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මව්බිම

Related posts

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

colombotoday

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday

වත්තල ගිනි තබා කාන්තාවක් ඝාතනය කල සිද්ධියේ හෙළිවූ සුළමුල

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin