Colombo Today Local News

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

dig anuraතමා සැබෑ ලෙසම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූවා නම් විමල් වීරවංශ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අනුර කුමාර දිසානායක නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ චරිතය (DIG අනුර කුමාර ) නිරූපණය කරන බවට විමල් වීරවංශ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

ජවිපෙ නායකවරයා මේ බව පැවසුවේ, අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා අනුර කුමාර දිසානායක මහතා DIG අනුර කුමාර ලෙස පවසා සිටියේය.

නිවාස ඇමතිව සිටියදී විමල් වීරවංශ මහතා නියමිත වටිනාකමට අඩුවෙන් නිවාස පහක් තම ඥාතීන්ට ලබා දි තිබෙන බවත්, එය වරදක් බවද ඒ මහතා පවසා සිටියේය.

නිවාස අධිකාරියේ දින පොත් මුද්‍රණය කිරීමට ලක්ෂ 140 ක් වියදම් කර තිබෙන බවත්, විදේශ ගමන් බලපත්‍ර ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණ බවද දිසානායක මහතා සඳහන් කළේය.

මීට අමතරව නිවාස අමාත්‍යාංශය තුළ වැඩ නොකළ පිරිස්වලට වැටුප් ගෙවා තිබෙන බවත්, මේ නිසා තමා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු නොවීම ගැන විමල් සතුටු විය යුතු බවද පවසා සිටියේය

Related posts

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගෙන් ජනපතිට සහතිකයක්

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Admin

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday