Colombo Today Local News

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

විදේශීය රටවල සිර වී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන්    522 දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය මේ අතුරින්  කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් 330 ක්ම කොරෝනා වෛරස් ආසාදිතයින් වන අතර  කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 ක්ම එම ආසාදිතයින් බව “පී.සී.ආර් ” පරීක්ෂනවල්දී අනාවරණය වී ඇති බව  සෞඛ්‍ය ඇමතිනිය කීවාය.

 කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වනවිට පළමුවැනි  වටයේ  “පී.සී.ආර් ” පරික්ෂණ වලට ලක් කර ඇති අතර . ඔවුන් නැවත දින 10 කට පසු එම  පරික්ෂණ වලට ලක් කිරීමට නියමිතව ඇති බවත් . ඒ අයගේ ශරීරය තුල ආසාදනය  වර්ධනය වී නොමැති නම් ඒ පිරිසෙන් යම් පිරිසක් පසුව ආසාදිතයින්  ලෙස  වාර්තා වීමට ඉඩ ඇති බව ඇය සඳහන් කළාය . ” කටාර් රාජ්‍යයේ සිටි පැමිණි 270 දෙනාගෙම “පී.සී.ආර් ” පරික්ෂණ සිදු කොට තිබෙනවා. ඔවුන්ගෙන් 150 ක් මේ වන විට ආසාදිතයින් ලෙස  වාර්තා වී ඇති අතර  අද දිනය ඇතුලත සියළු දෙනාගේම  එම  පරික්ෂණ වාර්තා ලැබීමට නියමිතයි. මේ වන වට අප රටෙන් කොරෝනා ආසාදිතයින්  801 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කුමන ආකාරයකින් හෝ ප්‍රජාව තුළ මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන විට ප්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම සාර්ථක ලෙස වළක්වා තිබෙනවා යැයි ” සෞඛ්‍ය ඇමතිනිය වැඩිදුරටත්  පැවසුවාය.

Related posts

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

Admin

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin

JVP හා TNA එක්විය යුතුයි – සම්බන්ධන්

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday

ක්ලේමෝ 10ක් ඇතුළු යුධ උපකරණ තොගයක් කිලිනොච්චියෙන් හමුවෙයි

colombotoday

ඉන්දියාවෙ ආරම්භ කර මෙරට බැංකු තුනකට ලැබුණු අනුමැතිය

Admin