Colombo Today Local News

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව දූෂිත යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නැතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් ලන්සා මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් පරිගණ ලබාදී ඇත්තේ පගාවක් වශයෙන් යැයිද, පාර්ලිමේන්තුව දූෂිතම ආයතනය යැයිද විජදාය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙන බව නිමල් ලන්සා මහතා පෙන්වා දුන්නේය.

“ඒක එතුමාගේ පෞද්ගලික මතය. මීට ඉස්සරත් පාර්ලිමේන්තුවට විවිධ රටවල පාර්ලිමේන්තුවලින් තෑගි ලැබුණා. දැන් මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙන ලැප්ටොප් පරිඝනක චීන පාර්ලිමේන්තුවෙන් තෑගි වශයෙන් ලැබුණේ.

මන්ත්‍රීවරයෙකු ඊට අකමැති නම්, ඔහුට අයින් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව දූෂිතයි කියන එක එතුමා (විජදාස රාජපක්‍ෂ මහතා) කියන එක ගැන මම කනගාටු වෙනවා. එහෙම නම් එතුමා පාර්ලිමේන්තුවේ රැඳීසිටිය යුතුත් නැහැ” යනුවෙන් පවසා සිටියේය.

Related posts

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයි

colombotoday

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

colombotoday

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday