Business

ලාෆ්ස් ඩොලර් මිලියන 6කට තවත් නැවක් ගනී

ලාෆ්ස්-620x360

මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ.

මෙම නෞකාව අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර ”Gas Success” නමින් මෙම නෞකාව නම්කර ඇත.

මෙහි ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3500 ක් රැගෙන යාමේ ධාරිතාවය තිබේ.

මීට පෙර ලාෆ්ස් සමූහය විසින් Gas Challenger යනුවෙන් නම්කළ නෞකාවක් ඩොලර් මිලියන 6.9 කට ලබාගෙන එය ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කරන ලදී.

ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම ලාෆ්ස් මැරිටයිම් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන නාමය යටතේ සමූහයට පූර්ණ අනුබද්ධ නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කර තිබෙන්නේ ජාත්‍යන්තර වරාය හා සමුද්‍රීය සේවා ව්‍යාපාර වලට ඒකාබද්ධවීම සඳහායි.

මේ අනුව, මෙම නව සමාගම විසින් එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාද ඇතුළත්ව විවිධ වූ බලශක්ති නිෂ්පාදන ප්‍රවාහනය කරන විවිධ ප්‍රමාණයේ හා විවිධ වර්ගයේ නෞකා මිලදී ගැනීමට, මෙහෙයවීමට හා කුලියට ගැනීමට අදහස් කර තිබේ.

ලංකාවේ එල්.පී. ගෑස් වෙළඳ පොළේ දෙවන විශාලතම සමාගම ලාෆ්ස් වන අතර මුලින් ෂෙල් සමාගම යටතේ තිබී පසුව රජය විසින් මිලදීගෙන ලිත්‍රෝ නමින් ව්‍යාපාරික කටයුතු කරන සමාගම විශාලතම සමාගමයි.

Related posts

ආර්ථික ශක්තිය වර්ධනයට ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000 ක්

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

colombotoday

චීනයෙන්, බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 215 ක හදිසි ණයක්

colombotoday

Amazon and Alphabet report sales surge this quarter

colombotoday