Colombo Today Local News

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරලා.

2019 අප්‍රේල් 04 වන දින ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකල අතර මේ වන විට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කර ඇත. සතොස ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ජනතාවට සහනදායි ලෙස භාණ්ඩ අලෙවි කිරීමයි. එහෙත් එම අරමුණ ඉවත දමමින් මේ වන විට ලංකා සතොස කටයුතු කිරීම නිසා රට පුරා පාරිභෝගිකයින් පීඩාවට පත්ව ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

රටේ උද්ගත වී ඇති හදිසි තත්වය සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝයෙන් වැඩි වී තිබියදී ලංකා සතොසද භාණ්ඩ මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සදහා රජය මේ වන විට කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ කර නැති අතර පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සදහා ලංකා සතොස ආයතනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතාගේ අත්සනින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

අපි විපක්ෂයට යන්නේ බලලෝභීකම නිසායි. යහපාලනය යනු අල්ලපු ගෙදර එකා රජ කරවන එක නොවෙයි. රවී කරුණානායක

colombotoday

ආර්ථිකය ගැන අනතුරු ඇගවීමක්

Admin

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

කොවිෂීල්ඩ් එන්නත ගැන මෙරට පර්යේෂණ කණ්ඩායමක් සොයා ගත් කරුණු

colombotoday