Colombo Today Local News

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති සංශෝධනය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි සිදුවිය.

එහිදි මෙතෙක් සමාජ සුබසාධන, සමාජ සවිබලගැන්වීම් හා උඩරට උරුමයන් පිලිබද රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ රන්ජන් රාමනායක මහතාගෙන් එම විෂයන් ඉවත්කර සමාජ සව්බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමිණි.

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති ධුරයක් හිමිවනු ඇතැයි වාර්තා පලවුවද ඒ මහතාට කිසිදු රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා දී නැත.

දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය  වේදීන් සමග අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා පැවසුවේ ලොකු ලොකු තනතුරු ලබා දී ඇත්තේ හොරුන්ට, දූෂිතයන්ට බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් තමන් නියෝජ්‍ය ඇමති ධුරයක් දක්වා පහත වැටෙද්දී මාතර වැඩිම මනාප ලබාගත් බුද්ධික පතිරන මහතාට ද කිසිදු තනතුරක් ලබා දී නොමැති බවද ඔහු කියා සිටියේය.

 

Related posts

‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ කැබිනට් ඇමැතිවරයකු මැදිහත්ව කෙරෙන ප්‍රචාරය සාවද්‍යයි.. WHO කලබල වෙයි

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

දොම්පෙට කුණු එපා කියූ විරෝධතාකරුවන්ට පොලීසියෙක් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

colombotoday