Colombo Today Local News

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් තිබූ බව පොලීසිය පවසයි.

ඊයේ (16)දින සවස 5.30ට පමණ මොරටුවාහේන ප්‍රදේශයේ දී අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම සැක සහිත යතුරුපැදිය පරීක්ෂා කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, රසායනාගාර පිළියල කරන්නෙකු ලෙස සේවය කරන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (17) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්‌

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin