Colombo Today Local News

මෛත‍්‍රී 2020 ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි..

කුමන කාරණා සිදු වුවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කිසිවකු මේ ගැන කලබල වීමෙන් ඵලක් නොවන බවද, එය අද දකින්නට ලැබෙන තත්ත්වය බවද ( 18) දා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ගේ ඡුන්ද ලබා ගැනීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව හැමෝම පිළිගත යුතු බවද හෙතෙම කීවේය.

මේ නිසා වත්මන් ජනාධිපතිවරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම ගැන කිසිදු සැකයක් නොමැති බවද, ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයිද පැවසූ මහලේකම්වරයා පක්ෂය අලූත් වැඩපිළිවෙළක් සහිතව ශක්තිමත්ව ජනාධිපතිවරණයට මුහුණ දෙන බවත් කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වන බවද චමල්, බැසිල්, නාමල්, ශෂේන්ද්‍ර, නිරූපමා යන අය ඇමැති මණ්ඩලයට ඇතුළත් වන බව ද කී ඒ මහතා එය රාජපක්ෂවරුන්ගේම ආණ්ඩුවක් වන බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්වුවහොත් වඩා ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් පත් කළ හැකි වන බව ද කියා සිටියේය.

Related posts

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

500 ගංජා මිටිය එංගලන්තයේ රුපියල් 5000 – ගුණතිලක පාර්ලිමේන්තුවේදී මිල සසඳයි

Admin

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි – පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday