Colombo Today Local News

මෙවර මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

මෙවරද සුපුරුදු පරිදි මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන බව මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

නමුත් රටේ පවතින සෞඛය තත්ත්වය හේතුවෙන් ජනතා සහභාගිත්වයකින් තොරව පෙරහැර පැවැත්වෙන බව පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් අද (18) මහනුවර දී පැවති මාධ්‍ය හමුවේ දී ඒ් මහතා මේ පැවසීය.

දින 10ක් පුරා සජීවිව රූපවාහිනි නාලිකා ඔස්සේ පෙරහැර විකාශනය කිරීමට කටයුතු කරන බවත් දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

ඒ් අනුව මෙවර මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැරේ ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින්, ජුලි මස 20 වන දින උදෑසන යෙදෙන සුභ මෙහොතින් කප් සිටුවීම සිදු කෙරේ.

ජුලි මස 20 වන දා සිට ජුනි 24 වන දා දක්වා සතර මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒසේම ජුලි මස 25 සිට ජුලි 29 දක්වා දින 5ක් කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

ජුලි මස 30 සිට අගෝස්තු මස 3 වන දා දක්වා දින 5ක් පුරා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

ඒ් අනුව අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

අගෝස්තු 4 වන දින උදෑසන දිය කැපීමේ මංගල්‍ය සිදුකරන බවත් එදින දහවල් දිවා පෙරහැර පවත්වා පෙරහැර මංගල්‍ය අවසන් කරන බවත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පැවසීය.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday

IMF ණය ආධාර අත්හිටුවයි…

colombotoday

මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට අනුමැතිය

Admin

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday

සූක්‍ෂම ‍සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේ

Admin

යාපනේ සහජීවන ගුටි ප්‍රහාරය හා අරුම පුදුම ඇප දීම ගැන දෙරණේ චතුර මෙසේ කියයි

colombotoday