Colombo Today Local News

මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව යළි දිවයිනට ගෙන එන්න සැලසුම්

යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව ඇතුළු පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඒ සඳහා අදාළ රටවල් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ,

“එක්සත් රාජධානිය විසින් අප රටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් තිබෙනවා. ඒවා අතර තාරා දෙව්දුවගේ පිළිමය ද තිබෙනවා. ඒ අනුව එම පිළිමය ඇතුළු පුරා වස්තු රැසක් මෙරටට ගෙන ඒමට අප විසින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. එමෙන්ම නෙදර්ලන්තයෙන් ද එවැනිම භාණ්ඩ රැසක් අපට ලැබුණා.”

Related posts

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

colombotoday

“මං ගෝඨාගෙ නමක්වත් කීවෙ නෑ.. එහෙම කියන්න මං මෝඩයෙක්ද“ ජනපති එජාපය ට කියයි !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

ගැටලු නිරාකරණය සඳහා කඩිනම් පියවර ගන්න – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday