7 April 2025
Colombo Today Local News

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත.

නාම යෝජනා මාර්තු 12-19 අතර මැතිවරණය අප්‍රේල් 23න් පසු පාර්ලිමේන්තුව අද (2 වැනිදා) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට දින 52 ක් සහ 66 ක් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය හැකිය. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 22 වැනිදාට පසුව මැයි මස 4 වැනිදා හෝ එදිනට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර මහා මැතිවරණය සඳහා මේ වනවිට මූලික කටයුතු අරඹා ඇතැයිද කොමිෂන් සභාව කියයි.

2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අසූ පහකි. 2018 වසරේ ඡන්ද නාම ලේඛනයට වඩා 271,789 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Related posts

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

වාසියට පමණක් කට ඇරෙන හෙළ උරුමේ පූස් පැටියෙක් ගැන මධු මාධව කියයි

colombotoday