Colombo Today Local News

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති මැකෝ ට දන්වයි

මැතිවරණ පනතේ ප‍්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඊයේ (04) දැනුම් දුන්නේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගැනීම යෝග්‍ය බව ද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට උපදෙස් ද ලබාදී ඇත.

මහ මැතිවරණය සඳහා දින නියම කර තිබිය දී රට තුළ හදිසියේ උද්ගත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය නිවාඩු දිනයන් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙන අතර තුර නාමයෝජනා භාර ගැනීමේ යම් නීතිමය දෝෂයක් ඇත්දැයි තමන්ට උපදෙස් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම කළ ඉල්ලීම එක් දිනක් තුළ සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අදාල උපදෙස් ලබා දී තිබිණි.

මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර නාමයෝජනා පත‍්‍ර භාර ගැනීමට කටයුතු කරමින් තිබිය දී පසුගිය මාර්තු 17, 18, සහ 19 දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

එසේ තිබිය දී මහ මැතිවරණයට අදාල නාම යෝජනා රජය විසින් භාර ගන්නා ලද අතර ඒ පිළිබඳව විවිධ පාර්ශව විවිධ තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

එම කරුණු සැලකිල්ලට ගත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහි ඇති නීතිමය පසුබිම පසුගිය 3 වැනිදා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා මසේ දැනුම් දී තිබිණි.

Related posts

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

පොලිස්පතිවරයාගේ හිතවත්කම් ගැන කියා විමර්ශනවලට බලපෑම් කලොත් දැඩිව නීතිය ක්‍රියාත්මකයි.

colombotoday

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday

සියල්ල වෙනස් කිරීමට කාලය මෙයයි.. වහා මහ මැතිවරණයක් කැදවන්න – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

“අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්” – මර්වින් සිල්වා සුමන්තිරන්ට සැරටම අමතයි

colombotoday

කුරගල සිද්ධස්ථානය සහ මුස්ලිම් පල්ලිය ආරක්ෂා කරනවා, කැනීම් කර ඉතිහාසය ගොඩ ගන්නවා – අගමැති

colombotoday