Colombo Today Local News

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි ගැන තොරතුරු හෙළිවෙයි…

මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනා පරිහරණය කළ බව කියන යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18 ක තොරතුරු බුද්ධි අංශ මගින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වනවා.

වෑන් රථ 6ක්, යතුරුපැදි 9 ක් , මෝටර් රථ දෙකක් සහ කැබ් රථයක්ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. කිංස්බරි හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් ත්‍රස්තවාදියා නමට වාහන 5 ක් ලියාපදිංචි කර ඇති බවයි අදාළ තොරතුරු හෙළි කරන්නේ.

කුරුණෑගල තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේ අද අලුයම කළ සෝදිසියකදී කඩ සහ සැකකටයුතු වාහන මෙන්ම ලියකියවිලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක කටයුතු විදේශ ගමන් බලපත්‍ර 32 ක් හා ජංගම දුරකතන ඩී වී ඩි පට හා ලියාපදිංචි නොකළ වෑන් රථ 3 ක් ඒ අතර වනවා.

තංගල්ල මුස්ලිම් ගම්මානය අද විශේෂ සෝදිසියකට ලක් කෙරුණා. පොලිස් නිල සුනඛයන්ද යොදා ගනිමින් අලුයම පහයි තිහේ සිට දහයයි තිහ දක්වා මෙම මෙහෙයුම් සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදා නිලධාරින් පොලිස් නිලධාරින් ඊට එක්ව සිටියා.

Related posts

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

colombotoday

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday