Colombo Today Local News

මන්නාරම සමූහ මිනිවලේ කැනීම් දිගටම සිදු කිරීමේ අර්ථයක් නෑ. අධිකරණ නියෝගයෙන් පස්වලින් වසා දමයි

මන්නාරම සතොස සමූහ මිනීවළ පස්වලින් තාවකාලිකව වසා දැමීමේ කටයුතුවල මූලික අදියරය ආරම්භ කොට තිබේ.

මන්නාරම දිසා විනිසුරු ටී.සරවණරාජා මහතා එම ස්ථානයට ගොස් එම කටයුතු නිරීක්ෂණය කළේය. සමූහ මිනී වළ තාවකාලිකව පස්වලින් වසා දැමීමේ කටයුතු මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි.

මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩගත් මිනිස් ඇටසැකිලිවල සාම්පල හයක් ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරයේදී කාබන් පරීක්ෂාවකට ලක් කොට ලබා ගත් වාර්තාවේ සදහන් වූයේ ඒවා වසර 600ක් පමණ පැරණි ඒවා බවයි.

මේ වාර්තාව අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව තවදුරටත් මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු කරගෙන යෑමේ අර්ථයක් නොමැති නිසා සමූහ මිනීවළේ කැණීම් මාස තුනක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට මන්නාරම දිසා විනිසුරුවරයා තීරණය කළේය.

නමුත් මේ සමූහ මිනී වළෙන් මතුකර ගෙන ඇති තවත් මිනිස් අටසැකිලි 12ක් පමණ ගොඩ ගෙන නොමැති නිසා ඒවායෙහි ආරක්ෂාව උදෙසා මෙම මිනීවළ පස්වලින් වසා දැමීමට ද විනිසුරුවරයා නියෝග කොට තිබේ.

මේ දිනවල සමූහ මිනීවළ වටා වූ කූඩාරම ඉවත් කොට එම මිනීවළ වසා දැමීමේ කටයුතු ආරම්භ වී ඇත්තේ අධිකරණ නියෝග මතය.

Related posts

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

පියුමි හා චන්දිමාල් මිලියනය බැගින්වූ ශරීර ඇප මත මුදාහරී

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

ව්‍යවස්ථාවට පටහැනි හදිසි නීතිය පැනවීම වහා හකුලා ගන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday