Colombo Today Local News

මධුෂ් උපදින වේලාවේ වින්නඹුකම් කළේ මගේ අම්මා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම ඔහු මගේ යාළුවෙක්‌

මාකඳුරේ මධුෂ් උපදින වේලාවේ එයාගෙ අම්මට වින්නඹුකම් කළේ මගේ අම්මා. ඒ සම්බන්ධය නිසා මධුෂ් පුංචි කාලෙ ඉඳලා මගේ හොඳ යාළුවෙක්‌ යෑයි අත්අඩංගුවේ පසුවන බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නමැත්තා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මාකඳුරේ මධුෂ් සංවිධානය කළ ඩුබායි සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට පත්ව පසුව පිටුවහල් කරනු ලැබූ ලලිත් කුමාර යන අය කොළඹ අපරාධ කොට්‌ඨාසය භාරයේ සිටියදී මේ බව කියා සිටියේය. මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළ හිටපු බන්ධනාගාර නියාමකවරයා මෙසේ ද කියා ඇත.

ඩුබායි පැවැත්වෙන උපන් දින සාදයට මධුෂ් මට ආරාධනා කළා. ඩුබායි එන්න ටිකට්‌ පවා අරගෙන දුන්නෙ මධුෂ්. මධුෂ්ගෙ අම්මයි මගේ අම්මයි හොඳ යාළුවෝ. අපි හිටියෙ එක ගමේ.

මධුෂ් රිමාන්ඩ් එකේ ඉන්න කොට මම එයාට උදව් කළා. ඒ නිසා අපි අතරේ තිබුණු මිත්‍රත්වය තවත් වැඩි වුණා යෑයි ද සැකකාර ලලිත් කුමාර පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් කියා සිටියේය.

මේ අතර ලලිත් කුමාර පාවිච්චි කළ ජංගම දුරකථනය ඔස්‌සේ පොලිසිය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
 

Related posts

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday

බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. 16ක් රෝහලේ…

Admin

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකි ලීක්. – එක් සිලින්ඩරයක් ගිනිගනී. අනෙක් ටැංකිය කඩිනමින් ඉවත් කරයි.

colombotoday

මරණ දඩුවම හිමි රැඳවියකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියට පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

colombotoday

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

colombotoday