Colombo Today Local News

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මෙම නිවාස සංකීරණය හය දහසක් පමණ පිරිස සමග ම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතව මෙම ස්ථානයෙන් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම නිසා මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පිරිස් වලට බාහිර සමාජය සමග කිසිදු සමීප සම්බන්ධතාවයකට අවස්ථාවක් නැත.

එමෙන්ම බ්ලූමැන්ඩල් සහ කොටහේන යන ප්‍රදේශ සම්බන්ධයෙන්ද දැඩි අධීක්ෂණයක සිටින බව ද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday

මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි…

colombotoday

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday

විල්පත්තුව වන සංහාරය පිළිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin