Colombo Today Local NewsWorld

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

බෝයිං සමාගම, සිය සෙවන් ත්‍රී සෙවන් මැක්ස් වර්ගයේ ගුවන් යානා සියල්ල භාවිතය නතර කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, ඉකුත් ඉරිදා ඉතියෝපියාවේ ගුවන් අනතුරක් සිදුවූ ස්ථානයෙන් නව සාක්ෂි සොයාගැනීමට විමර්ෂකයන් සමත් වීමෙන් පසුවයි.

මේ හමුවේ තමන් නිෂ්පාදනය කළ බෝයිං සෙවන් ත්‍රී සෙවන් මැක්ස් වර්ගයේ ගුවන්යානා සියල්ල භාවිතය තාවකාලිකව අත්හිටුවන බව අමෙරිකානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං ප්‍රකාශ කළේ ය.

අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකය සඳහන් කළේ, නව සාක්ෂි සහ චන්ද්‍රිකා ඔස්සේ ලබාගත් දත්ත, මෙම තීරණය ගැනීමට මුල්වූ බවයි.

මීට පෙර ලොව රටවල් රැසක් බෝයිං මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවූ නමුත්, අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකය බෝයිං මැක්ස් යානා භාවිතය අනාරක්ෂිත බව හෙළිව නැතැයි පවසමින් එම යානා භාවිතය අත්හිටුවීම ප්‍රතික්ෂේප කළේ ය.

ඉකුත් ඉරිදා ඉතියෝපියාවට බෝයිං සෙවන් ත්‍රී සෙවන් මැක්ස් එයිට් ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් 157 දෙනාම ජීවිතක්ෂයට පත්විය.

මාස 5ක් තුළ බෝයිං මැක්ස් එයිට් යානයක් කඩා වැටුණු දෙවන අවස්ථාව මෙය වන අතර ඉකුත් ඔක්තෝබරයේ ජාවා මුහුදට මෙවැනිම යානයක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් 189 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකයේ වැඩබලන පරිපාලක ඩෑන් එල්වෙල් සඳහන් කළේ, ඉතියෝපියාවට කඩාවැටුණු යානය සහ ඉන්දුනීසියාවේ ජාවා මුහුදට කඩා වැටුණු යානය යන දෙක ම කඩා වැටමට පෙර පියාසර රටාවක් අනුගමනය කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, නව සාක්ෂි පදනම් කරගනිමින් අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකය හදිසි නියෝගයක් නිකුත්කරනු ඇති බවයි.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, උස්බෙකිස්ථානය, තායිලන්තය, ජර්මනිය, ප්‍රංශය ඉන්දුනීසියාව, සිංගප්පූරුව, අයර්ලන්තය, දකුණු කොරියාව, මොංගෝලියාව, ඕමානය සහ මැලේසියාව යන රටවල් බෝයිං සමාගම සිය සෙවන් ත්‍රී සෙවන් මැක්ස් ගුවන්යානා භාවිතය නතරකිරීමට පෙර, එම වර්ගයේ ගුවන්යානා භාවිතය නතරකිරීමට පියවර ගත්තේ ය.

ඒ සමග ඉතියෝපියානු,නෝර්වීජියානු, ඇතුළු ගුවන් සේවා ගණනාවක්ද බෝයි මැක්ස් වර්ගයේ යානා භාවිතය අත්හිටුවීමට පියවර ගනු ලැබී ය.

කෙසේ වෙතත් බෝයිං සමාගම සඳහන් කළේ, සෙවන් ත්‍රී සෙවන් මැක්ස් ගුවන් යානාවල ආරක්ෂිත භාවය පිළිබඳ තවමත් තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි.

එනමුත් අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ තීරණය අනුව සිය බෝයිං මැක්ස් වර්ගයේ සියලු ගුවන් යානා භාවිතය තාවකාලිකව නතරකිරීමට තීරණය කළ බව ද බෝයිං සමාගම ප්‍රකාශ කළේ ය.

ඉතියෝපියානු අනතුරෙන් පසු බෝයිං සමාගමේ වෙළඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 26 කට ආසන්න අගයකින් පහතවැටිණ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෑත ඉතිහාසයේ ලොව විශාලතම ගුවන්යානා නිෂ්පාදන සමාගම වන බෝයිං, මුහුණපෑ බරපතළම අර්බුදය මෙය වන බවයි.

දශක ගණනාවක් පැරණි බෝයිං සෙවන් ත්‍රී සෙවන් ව්‍යාපෘතියට එල්ල වූ මෙම චෝදනා සමාගමේ කීර්තිනාමයට දැඩි පහරක් එල්ල කරනු ඇති.

Related posts

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකු ම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම – ජනපති රනිල් ලෝක නායකයින්ට දොස් කියයි

Admin

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

colombotoday