Colombo Today Local News

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

උසස් වීමේ අනුමැතිය ලැබූ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා යන මහත්වරුන්ට පොලිස්පතිවරයා අදාළ පත්වීම් ලිපි භාර නොදෙන්නේ ඇයි දැයි ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගෙන් ලිඛිතව කරුණු විමසා තිබේ.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස් වීමේ අනුමැතිය දුන් ඔවුන් දෙදෙනාට ඊට සුදුසුකම් නැතිනම් එයද දක්වන ලෙස එම කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අදාළ ලිපිය ඉකුත් 12 වැනි දින ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ඊ.යූ. ජයසූරිය, අනුර අබේවික්‍රම, ගාමිණී පෙරේරා, පාලිත සිරිවර්ධන හා මෙවන් සිල්වා යන නිලධාරීන් පස්දෙනා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ අනුමැතිය ඉකුත් මාසයේදී ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් දෙන ලදී.

එහෙත් පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිත් අමනාප මත පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා යන දෙදෙනාට එම උසස් වීමේ ලිපි ප්‍රදානය කිරීමට අකැමැත්තක් දක්වන බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය මත පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් දැඩි අප්‍රසාදයක් මතු වෙමින් තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

අමෙරිකාව-ශ්‍රී ලංකාව අතර සිදුකළ බවට සැක කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

colombotoday

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.

colombotoday

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ එකක් – කතානායක කරු

colombotoday

සංහිදියා ඇමති, විදුලිබල ඇමති, බස්නාහිර ආණ්ඩුකාර ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට වැලිකඩට

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් වැල නොකැඩී විදේශ ගත වෙයි – මෙරට ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි

Admin