Colombo Today Local News

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

විහාරස්ථාන සඳහා පූජා කිරීමට ගෙනා බුද්ධ ප්‍රතිමා කිහිපයකට රුපියල් මිලියන තුනකට වැඩි මුදලක් බදු අය කිරීම නිසා වෙසක් පොහොය දිනයේ පැවැත්වීමට තිබූ අසිරිමත් පුණ්‍ය උත්සවයක් වැළකී ගොස් බුද්ධ ප්‍රතිමා වරායේ සිරවී ඇතැයි ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සංඝරතන හිමියෝ පවසති.

බෞද්ධ ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු සිටින රටක මෙවැනි සිද්ධියකට මුහුණදීමට සිදුවීම කණගාටුදායක බවද උන්වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් මිහින්තලය රජමහ විහාරය සංවිධානය කළ දහස් නමක් විෂයලා දන් පිළි ගැන්වීමේ පිණ්ඩපාත චාරිකාවට එක් වෙමින් මිහින්තලා සාංචි විහාරයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ මෙලෙස ප්‍රකාශ කළහ.

“චීන බෞද්ධ ජනතාවගේ දෑතින් වෙසක් පොහොය යෙදුණු 29දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කර විහාරස්ථානවලට බෙදාදීමට ගෙනා කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ 20ක් හා නව තාක්ෂණය මුසුකර සැකසූ අපේ පිරිත් සහිත කැසට් රෙකෝඩර් විශාල ප්‍රමාණයක් අද වරායේ හිර වෙලා බදු ගෙවන්න සිද්ධ වූ නිසා. සුළු බද්දක් නෙවෙයි බුදු පිළිම ටිකට ගහලා තියෙන්නේ රුපියල් ලක්ෂ 32ක්.

වෙසක් උත්සවය වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා ඇතුළු උපකරණ බෙදාදීම සඳහා දොහොත් මුදුන් තබාගෙන පැමිණි චීන ජාතිකයන්ට අද ඒ පින් කටයුත්ත සිදුකර ගන්න විදියක් නෑ. මොන තරම් අසිරිමත් උත්සවයක්ද වෙසක් පොහොය දිනයේ පවත්වන්න හිටියේ. ඒකට බදු මුදල් හරස් වුණා. අපේ රටේ ඉන්නේ බෞද්ධ ජනාධිපතිවරයකු බෞද්ධ අගමැතිවරයකු. නමුත් විහාරස්ථාන සඳහා පූජා කිරීමට ගෙනා බුද්ධ ප්‍රතිමා 20ට රුපියල් මිලියන තුනකට වැඩි මුදලක් බදු අය කරලා”

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයෙන් සිටි රියාජ් බදියුදීන් මුදාහැරේ

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

13 එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරාට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි – ජවිපෙ නායක අනුර

colombotoday

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

Admin

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday