අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ඇතුල් වෙන සියලු මන්ත්රීවරු පරික්ෂාවට ලක් කිරීමට පාර්ලිමේන්තු ආරක්ෂක අංශ කටයුතු යොදා තිබෙනවා.
ඊයේ(16) පාර්ලිමේන්තුව තුලට පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක විසින් පිහි රැගෙන පැමිණීම හේතුවෙන් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල අනුගමනය කරන බවයි පාර්ලිමේන්තු වාර්තා සඳහන් කර සිටින්නේ.