World

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

obama putinගුවනින් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ට එරෙහිව සටන් වැද සිටින ඇමරිකාව ප්‍රධාන මිත්‍ර සන්ධානයේ සාමාජිකයෝ රුසියාවෙන් ඉල්ලා සිටිති.

රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන්නේ සිරියානු විරුද්ධ පක්ෂ කණ්ඩායම් සහ සාමාන්‍ය වැසියන්ට බවයි ඔවුන් කියා සිටින්නේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, තුර්කිය සහ සෙසු පාර්ශව කරුවන් ඊයේ, සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රුසියානු ගුවන් ප්‍රහාර මගින් අන්තවාදය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇති බවයි.

රුසියාව විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර මාස තුනක හෝ හතරක කාලයක් පවතිනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ රුසියානු නිලධාරියෙකු වන අලෙක්ෂෙයි පුෂ්කොෆ් පැවසුවේ.

රුසියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු භාර කමිටුවේ ප්‍රධානී අලෙක්ෂෙයි පුෂ්කොෆ් තවදුරටත් කියා සිටියේ ඇමරිකාව ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ට බෝම්බ දමන බවට ව්‍යාජ ඇඟවීමක් කර ඇති බවයි.

නමුත් රුසියානු පහර දීමේ වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක එකක් වනු ඇති බවට ඔහු ප්‍රතිඥා දුන්නේය.


රුසියානු ගුවන් හමුදාව ඉකුත් බදාදා ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් සිටින හමා (Hama) සහ ඉඩ්ලිබ් (Idlib) යන පළාත්වලට පහර දුන් බවයි ඔවුන් පැවසුවේ.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ බළකොටුවක් වන රකා (Raqqa) ප්‍රදේශයට බ්‍රහස්පතින්දා පහර දුන් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

අඩු වශයෙන් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් දොළොස් දෙනකු වත් මිය ගොස් ඇති බවයි මානව හිමිකම් ක්‍රියාධරයන් පැවසුවේ.

සිරියාවට එල්ල කළ පහරදීම, ශීතල යුද්ධයෙන් පසු රුසියාව, පැරණි සෝවියට් දේශයෙන් පිටත යුදමය වශයෙන් මැදිහත් වූ පළමු අවස්ථාව මෙයයි.

අන්තවාදය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇති බවට අනතුරු ඇඟවීම කෙරෙන්නේ ප්‍රංශ සහ රුසියානු ජනාධිපතිවරුන් පැරිස් නුවරදී මුණ ගැසීමෙන් අනතුරුවයි.

එම හමුව කැඳවන ලද්දේ යුක්රේනයේ සාම වෑයම පිළිබඳව සාකච්ජා කිරීමට වුවත් එය සිරියානු අර්බුදය මගින් යටපත් වනු ඇති බවට විශ්වාශ කෙරේ.

ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඕලන්දේ (Francois Hollande) ප්‍රකාශ කළේ කවුරු ගුවන් ප්‍රහාර එල්ල කළත් ඩයේෂ්(Daesh) නමින් අරාබි භාෂාවෙන් හැඳින්වෙන ඉරාක සහ සිරියානු ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් හැර වෙනත් කණ්ඩායමක් ඉලක්ක නොකළ යුතු බවයි.

එහෙත් රුසියානු විදේශ ඇමති සෙර්ගේයි ලව්රොෆ් (Sergei Lavrov) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරය අමතමින් පැවසුවේ රුසියාව, අල් කයිඩා සංවිධානයට අනුබද්ධ අල් නුස්රා පෙරමුණ (al-Nusra Front) ඇතුළු සෙසු ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ද සටන් වදින බවයි.

එය ඉකුත් වසර පුරා ඉරාකයේ සහ සිරියාවේ ගුවන් ප්‍රහාර එල්ල කරන ඇමරිකාව ප්‍රධාන මිත්‍ර කණ්ඩායමේ ද ස්ථාවරය වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

“තමන්ගේම ජනතාවට එරෙහිව කටයුතු කරන කිසිවකුට පි සහයෝගය දක්වන්නේ නැහැ. අපි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිනවා,” ප්‍රකාශ කළේය.

සිරියානු යුද හමුදාව සමඟ එකාබද්ධව පහර දෙන ඉලක්ක තෝරා ගෙන ඇති බවයි රුසියානු විදේශ ඇමති සර්ගෙ ලැව්රොෆ් (Sergei Lavrov) පැවසුවේ.

Related posts

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

colombotoday

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

colombotoday

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

පිලිපීනයට ඇගිළි ගහන්න ආ මානව හිමිකම් හුසේන්ට, ජනපති තිත්ත කුණුහරුපෙන් බැණවදී (Video)

colombotoday