Colombo Today Local News

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පවසයි.

මින්නේරිය පොලිසිය ලද තොරතුරක් මත බන්ධනාගාර බස්රථය පරීක්ෂා කිරීමේදී  මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මරණ දඬුවම නියම වූ සිරකරුවකු සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන් අටදෙනෙකු එම අවස්ථාවේ මෙම බස්රථයේ සිට ඇත.

බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු මෙම බස්රථයේ සිට ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වී ඇතැයි ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ජේලර්වරයා, සැරයන්වරයා සහ බන්ධනාගාර නියාමකවරයා අද(01) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Related posts

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

Admin

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට

colombotoday