Colombo Today Local News

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (12) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාල 22 ක දී ආරම්භ වේ.

ඒ අනුව, නාම යෝජනා භාර ගැනීම අද (12) සිට 19 දා දක්වා සතියේ දින වල පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා සිදු කෙරේ.

මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මාර්තු 18 වන දා දහවල් 12 දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල වල දී සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම කියයි.

නාම යෝජනා භාර දෙන අවස්ථාවට සහභාගී විය හැක්කේ දේශපාලන පක්ෂයක ලේකම්වරයා විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු හෝ කණ්ඩායම් නායකයා ඇතුළු අපේක්ෂක ලයිස්තුවේ දෙදෙනකු සමඟ 04 දෙනකුට පමණක් බව ද කොමිෂන් සභාව දැනුම් දෙයි.

Related posts

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

රවීගේ නිවසට පොලිස් බලඇණි

Admin

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

ඔබ සරලයි.. සාමයට ලැදියි.. මගේ හදවතට සමීපයි.. පාප්තුමෝ ජනපතිට කියයි

colombotoday

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක්

Admin

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin