නව සන්ධානයක් ඇති කර ගැනීම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පළමු නිල සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වෙයි.
මෙම සාකච්ඡාව සඳහා දෙපාර්ශවයෙන් නියෝජිතයින් තිදෙනෙකු බැගින් සහභාගී වන අතර මීට පෙර මුලික වටයේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි.