Colombo Today Local News

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

අප්‍රේල් 3 සහ 4 යන දිනයන්හී දී දිවයින පුරා මහාධිකරණ විසින් නඩු 500 කට වැඩි සංඛ්‍යාවක රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සිරකරුවන්ට ඇප ලබා දී ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණ විසින් නඩු 1000 කට අධික සංඛ්‍යාවක සිරකරුවන්ට ඇප ලබා දී ඇති බව අධිකරණ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඇඳිරි නීතිය පනවා ඇති අතර තුර අධිකරණ සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි, අප්‍රේල් 3 සහ 4 යන දිනවල ඇප ඉල්ලීම් සලකා බලන ලදි. කොවිඩ් 19 වසංගතය පැතිරීමේ තර්ජනයට ලක්ව ඇති බන්ධනාගාරවල ඇති තදබදය සමනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාර්තු 30 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් මත මෙම පියවර ගෙන තිබේ.

ඇප ඉල්ලුම්පත් සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ දෙකක් ක්‍රියාත්මක වූ අතර ඇප ඉල්ලීම්වලින් සියයට 50 කට වැඩි පිරිසකට ඇප ලබා දී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
“දිවයින පුරා පිහිටි වෙනත් මහාධිකරණවල ද ඇප ඉල්ලීම්වලින් සියයට 50 කට වැඩි පිරිසකට ඇප ලබා දී තිබේ” යැයි අධිකරණ ප්‍රකාශකයෙකු daily mirror වෙබ් අඩවියට පවසා ඇත.

මෙම අවස්ථාව උපයෝගී කර ගනිමින් ඇප ලබා ගැනීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඇප ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වූ බව ද අධිකරණ ආරංචි මාර්ග අනාවරණය කළේය.

Related posts

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

colombotoday

ඉන්ධන බද්ද දිගටම

Admin

“සාක්ෂි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා..“ – බැදුම්කර වංචාවේ තවත් තොරතුරු රැසක් එළියට

colombotoday

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

Admin