Colombo Today Local News

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

වත්මන් පොදු ජනතාව අප රට තුළ විනිවිද දකින දේශපාලන සංස්කෘතියක් පිලිබඳ අපේක්ෂාවෙන් සිටින බවත්,ඒ වෙනුවෙන් දේශපාලනඥයින් ද ඊට අනුගත ව ක්‍රියා කළ යුතුව ඇති බවත්,අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

රට වැටි ඇති මෙම අසීරු අවස්ථාවේ දේශපාලනඥයන් හා මහ ජනතාව අතර විශ්වාසයේ බැඳීමක් අවශ්‍ය ව ඇතැයි කී ඒ මහතා,එසේ නොවුනහොත් තව දුරටත් විකාර රූපී දේශපාලන වට පිටාවක් පවතිනු ඇතැයි ද සඳහන් කරයි.

හෙට්ටිගේ මහතා මේ බව කීවේබොරලැස්ගමුවේ පැවති සමාජ මාධ්‍ය ජාල ක්‍රියා කාරිකයන් පිරිසකගේ සුහද හමුවකට සහභාගී වෙමිනි.

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය

සමහර දේශපාලනඥයින් සිතනවාට වඩා වෙනස් විදියකට අද ජනතාව සිතනවා.මෙය තේරුම් ගන්න ඕනෑ.එසේ නැතොත් පැවැත්මක් නෑ.අගමැති තුමාට ජනාධිපති තුමාට රට ගැන හොඳ හැඟීමක් තියෙනවා.එතුමන්ලාට වැඩ කිරීමට සුදුසු වට පිටාවක් හැදෙන්න ඕනෑ

මහජනයාට දේශපාලනය එපා වී තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයින්ගේ වැඩ නිසා.සමහරුන්ට මුල අමතක වෙනවා.දේශපාලනඥයින් පමණක් නොව එවැනි නිලධාරීන් පිරිසකුත් ඉන්නවා.සමහරු කරන්නෙ ගැලපෙන්නේ නැති වැඩ.ඒ එක්කම නැති අවුල් හැදෙනවා.

එවැනි අමන වැඩ ගැන ජනතාව බලන්නේ අප්‍රසාදයෙන්.මාධ්‍යට සම්බන්ධ රටට ආදරය කරන බොහෝ පිරිසක් රටේ පාලනය ගැන,දේශපාලන ක්‍රියාකාරිත්වය ගැන අවදියෙන් ඉන්නෙ.ඒ අය ජන මතය වෙනස් කරනවා.

රට තුළ විනිවිද දකින දේශපාලන සංස්කෘතියක් පොදු ජනතාව අපේක්ෂා කරනවා .දේශපාලනඥයින් ඊට අනුගතව ක්‍රියා කළ යුතුයි .

දේශපාලනය කරන සමහර අය ජනතාවට බොරු පොරොන්දු දෙනව . මිනිස්සු ඒවාට හිනා වෙනවා.කරන්න බැරි දේවල් කියනවා.මේ නිසා තමයි දේශපාලනය ගොඩ දෙනෙකුට එපා වී තිබෙන්නෙ.මානව භක්තිය නැති කිසි කෙනෙකුට ජනතා සේවයේ රැඳී ඉන්න බෑ.සමහර අංකුර හා වැඩි හිටි දේශපාලනඥයින් ඉවක් බවක් නැතිව හැසිරෙන බව ජනතාව තේරුම් අරන් ඉන්නෙ .ඔවුන්ට ගුණ ධර්මත් අමතක වෙලා.පරමාදර්ශී පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවකින් එවැනි අය පුනරුත්ථාපනය කළ යුතුයි.

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයින් ද රටේ යහ පැවැත්ම වෙනුවෙන් අවදියෙන් ඉන්න ඕනෑ .රට හදන්න පුළුවන් වෙන්නේ හොඳ මිනිසුන්ගේ එකතුවකින් පමණයි .ධනය බලය තිබෙන බොහෝ දෙනෙකුට මානව භක්තිය නැතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේ

Admin

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin