Colombo Today Local News

දණ්ඩනීති පනත තාවකාලිකව නතර කළා විතරයි.. සංශෝධන සහිතව යළි ‍ගේනවා

karu danda neethiya

ආගමික සහ ජාතික අසමගිය ඇතිවන අයුරින් වෛරී ප්‍රකාශ කරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා අපරාධ නඩු විභාග සංග්‍රහයට සහ දණ්‌ඩ නීති සංග්‍රහයට අදාළව ගෙන ඒමට නියමිතව තිබී තාවකාලිකව නතර කළ පනත් කෙටුම්පත් සංශෝධන සහිතව යළි පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

මෙම පනත් කෙටුම්පත් මගින් ප්‍රකාශකගේ අයිතියට බාධා වන බවට මාධ්‍ය ප්‍රධානීන් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගෙන එය තාවකාලිකව නතර කළ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඉදිරියේදී මෙම පනත් කෙටුම්පත් ප්‍රකාශන අයිතියට බාධා නොවන අයුරින් සංශෝධන සහිතව ගෙන එන බව කියා සිටි නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශන අයිතියට නිදහස තිබිය යුතු සේ ම ජාතික සමගිය ඇතිවන අයුරින් ක්‍රියා කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැඟීම වත්මන් රජයේ පිළිවෙත බව ද කියා සිටියේය.

Related posts

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කරයි

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

දුෂ්කර පාසැලක් වෙනුවෙන් මාධ්‍යවේදී ලංකා ජයවර්ධන පෙරමුණ ගනී (video)

Admin

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

colombotoday