World

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
 
මේ අනුව මාර්තු 26 වනදා සිට රටපුරා හදිසි තත්ත්වය බලපැවැත්වෙන බව තායිලන්ත බලධාරීහු පවසති.
 
මැලේසියාවෙන් පසු කළාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව තායිලන්තයෙන් වාර්තා වන අතර අඟහරුවාදා(24) ආසාදන 106ක් වාර්තා වීමෙන් පසු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 827ක් දක්වා ඉහෙළ ගියේය.
 
කොරෝනා වයිරස රෝගයෙන් තායිලන්තයේ මේ වනවිට 4දෙනකු මියගොස් ඇත.
 
අගමැති ප්‍රයූත් චාන් ඕචා මහතා කියා සිටියේ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත බලතල සම්බන්දව පසුව ප්‍රකාශයට පත්කරන බවයි. අවශ්‍ය වුවහොත් මාධ්‍ය වාරණය කිරීම හෝ වසා දැමීම සිදුකරන බව ද හෙතෙම පවසයි.

Related posts

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

colombotoday

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin