World

ට්‍රම්ප්ගේ මතභේදාත්මක ප්‍රකාශ ඉවත් නොකිරිමට එරෙහිව වැඩ වර්ජනය කල ෆේස්බුක් සේවකයින්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆේස්බුක් සමාජ මාධ්‍යය් පළකොට තිබෙන මතභේදාත්මක ප්‍රකාශ ඉවත් නොකිරිමට එහි ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් එකඟ නොවීම හේතුවෙන් ඔහුගේ සේවකයින් දැඩි කළකිරීමකට පත්ව ඇති බවට වාර්තා වේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම ඔස්සේ පලකළ ඇතැම් නිවේදන ප්‍රචණ්ඩත්වයෙන් යුත් සටහන්ව ඇති බවට සඳහන් කරමින් එය වාරණය කිරිමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය දනවන අදහස් පළ කිරීම් සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ආයතන දැඩි නීති අනුගමනය කලත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රකාශන සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාජ මාධ්‍ය එසේ කටයුතු නොකිරිම සම්බන්ධයෙන් එහි සේවකයින් සිය විරෝධය පළකරමින් ඊයේ දිනයේදී සිය නිවෙස්වල සිට සිදුකරනු ලබන රාජකාරි බැහැරව සිටීමට පියවර ගෙන තිබේ.

” මම ෆේස්බුක් සමාගමේ සේවය කරනු ලබන්නේ. සත්‍ය වශයෙන්ම අප කටයුතු කරනා ආකාරය ගැන ආඩම්බර වීමට නොහැකියි” යැයි ෆේස්බුක් හී සේවය කරනු ලබන සේවකයෙකු ට්විටර් සටහනක් තබමින් කියා සිටියා.

කෙසේ වුවත් අමෙරිකාවේ බොහෝ ආයතන සහ සමාගම් මෙම විරෝධතාකරුවන් සමග එක්ව සිටින අතර ඔවුන්ට සහය පළ කිරිමට ද ඉදිරිපත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Related posts

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday