බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අත්අඩංගුවේ පසුවන යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සදහා බන්ධනාගාරය වෙත වැඩමකළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.
එහිදී, රටේ නිදහස වෙනුවෙන් සිදුකල කැපකිරීම් වෙනුවෙන් බුද්ධි අංශ සාමාජිකයන්ට ප්රසන්ශාකර ඇති ඥානසාර හිමි දේශපාලනය වෙනුවෙන් රණවිරුවන් බිලිදීමට එරෙහිව තමන් වහන්සේට ගතහැකි සියළු පියවර ඉදිරියේදී ගන්නා බවට පොරොන්දු වෙමින් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා.