Colombo Today Local News

කුරුණෑගල DIG ට සහ ASP ට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ස්ථානමාරුවීම් අවලංගු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මෙම ස්ථාන මාරුවීම් වලින් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති වේ යැයි මෙම තීරණය ගෙන තිබේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.

මෙම නිලධාරීන් කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇති වේ යැයි පවසමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 27 වැනිදා කළ ඉල්ලීමක් අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර තිබිණි.

වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නිදහස් කර ගැනීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් හුවමාරුවෙමින් පවතින බව අගතියට පත් මව්වරුන් ප්‍රකාශ කර සිටියි.

Related posts

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පොලිස් ඇමැති හමුවෙයි.

colombotoday

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin

බොදු බල සේනා “දිවි සරණ” යටතේ ඉදිකළ නිවාස, ඥානසාර හිමිගේ සුරතින් ජනතාවට.

colombotoday

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

colombotoday