Colombo Today Local News

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

ජාතික ආණ්ඩු යෝජනාව හරහා කැබිනට් මණ්ඩලය 35ක් දක්වා පමණ ඉහළ නංවාගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ අමාත්‍ය මණ්ඩලය 60ක් වූ බව පවසන රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැන් සිටින්නේ අමාත්‍යවරුන් 28ක් පමණක් බවත් තමන් යෝජනා කරන්නේ 60කට යාමට නොව 35කට පමණ යාමට බවත් ප්‍රකාශ කළේය.

මේ සතිය තුළ ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අමාත්‍ය මණ්ඩලය 48ක් දක්වා පත්කිරීමේ හැකියාව පවතී.

Related posts

හමුදාපතිට තවත් තනතුරක් !

colombotoday

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

colombotoday

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

colombotoday

සිසුවියක් කැලෑ ප්‍රදේශයකට ගෙන ගිය විවාහකයාව ගස්බඳී

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday